මහින්ද හා ජවිපෙ අතර සාකච්ඡාවක්

විධායක ජනාධිපති ධුරය ඉවත් කිරිම සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව අද (06) දිනයේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

විධායක ජනාධිපති ධුරය ඉවත් කිරිම සම්බන්ධයෙන් තම පක්ෂය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව විපක්ෂනායකවරයා පසුගිය දිනවල සුභවාදි ප්‍රචාර දැක්වූ බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.