පැය 48ක දුම්රිය වැඩවර්ජනයක් හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට

Share

දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේ නියමිත වැටුප් තල ලබානොදී පවතින වැටුප අඩුකර දැමීමට එරෙහිව හෙට (08දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 48ක දුම්රිය වැඩවර්ජනයක් සිදුකරන බවයි.

පවතින වැටුප් විෂමතා විසඳා නියමිත වැටුප් තලවල පිහිටුවන බවට රජයේ පොරෝන්දුවත් මේ වන විට පවතින මුලික වැටුපත් අඩුකර දමා තිබෙන බව ද එම සංගමයේ සම කැඳවුම්කරු ලාල් අාරියරත්න මහතා සඳහන් කළේය.

මෙම ක්‍රියාමාර්ගයට දුම්රිය රියදුරු පාලකයන්, නියාමකයන්, ස්ථානාධිපතිවරුන් සහභාගී වන බවද පවසා සිටියේය.

Read more

Local News