ක්ෂය රෝගය තුරන් කිරිමේ සමුලුවක් – රුසියාවේ මොස්කව් හීදි

Share

ක්ෂය රෝගය තුරන් කිරිම අරමුණු කර ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුලුව ලබන 16 සහ 17 යන දෙදින රුසියාවේ මොස්කව් හීදි පැවැත්වේ. රටවල් 40 ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධාන නායකයින්, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජයේ ඉහළ පෙළේ නියෝජිතයින් වෙළෙද ප්‍රජාව ද ඊට සහභාගීවීමට නියමිතය.

2015 සැප්තැම්බර් හිදි එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍ය එකග වූ තිරසාර සංවර්ධන සැළසුම් 17 න් එකක් වන්නේ ද ක්ෂය රෝගය තුරන් කිරීමයි. මෙම සමුලුවේ සත්කාරකත්වය දරන්නේ රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයයි.

“තිරසර සංවර්ධනය යටතේ ක්ෂය රෝගය තුරන් කිරීම – බහුපාර්ශ්වික ප්‍රතිචාර” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුලුවේදී වසර 2030 වන විට ක්ෂය රෝගය සම්පුර්ණයෙන් තුරන් කිරිමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් ප්‍රතිඵලදායී ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරොත්තු වේ. ක්ෂය රෝගය තුරන් කිරීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීමේ අරමුණින් අමාත්‍ය ප්‍රකාශනයට මෙහිදී අත්සන් තැබෙනු ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ක්ෂය රෝගය පිළිබද ඉහළ පෙළ රැස්වීමට 2018 වසරේ දී එය ඉදිරිපත් කිරිමට ද නියමිතය. මෙම අමාත්‍ය සමුලුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුලු වෛද්‍යවරුන් පිරිසක් සහභාගි වෙති.

ලොව පුරා මරණවලට බලපාන ප්‍රධාන හේතු 10 අතර 2015 වනවිට ද ක්ෂය රෝගය පැවැතිනි. එම වසරේ ඉන් සිදු වූ මරණ සංඛ්‍යාව මිලියන 1.8 කි. ඉන් මිලියන 0.4 ක් එච්.අයි.වී ආසාදිතයින් වෙයි. එමෙන්ම තවත් රෝගීන් මිලියන 10.4 ක් ද වාර්තා වී තිබුනි. මේ අතර මිලියන 49 ක ජිවිත රෝගයෙන් බේරා ගැනීමට ද හැකිව තිබේ. 2000 වසරේ සිට ගත් ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසත් ක්ෂය රෝගය වැළැක්වීමට හදුනාගැනීමට සහ ප්‍රතිකාර කිරීමට රාජ්‍යයන් තවදුරටත් ක්‍රියාමාර්ග ගත යුතු වේ. ගෝලීය අරමුණු ඉටුකර ගත හැකි වන්නේ එවිටය.

Read more

Local News