ත්‍රිපිටකාභිවන්දනා සතිය ලබන 16 වැනිදා සිට

Share

ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව සියළු රාජ්‍ය ආයතනවල ආගමික වැඩසටහන් පවත්වන ලෙස දැනුම්දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ලබන 16 වනදා සිට 23 වනදා දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ත්‍රිපිටකාභිවන්දනා සතිය ප්‍රකාශයට පත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාවක් ගෙන ඒමට සිදුකරන කටයුතුවලට සමගාමිව එම සතිය ක්‍රියාත්මකයි.

ඒ අනුව අදාළ සතිය තුළ සියළු රාජ්‍ය ආයතනවල ආගමික වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරන ලෙස නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ.

Read more

Local News