අයවැය තෙවන වර කියවීමේ විවාදය ඇරඹෙයි

Share

2019 අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (13) ආරම්භ වුණි.

අද සිට අප්‍රේල් මස 05 වනදා දක්වා දින 19 ක් විවාදය පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම හෙවත් අවසන් ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

තෙවන වර කියවීමේ විවාදය සඳහා පාර්ලිමේන්තුව කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30 ට රැස් වුණි.

අද දිනයේ ජනාධිපති වැය ශීර්ෂය මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාල, උපරිමාධිකරණ විනිශ්චකාරවරුන්, ස්වාධීන කොමිශන් සභා ඇතුළු වැය ශීර්ෂ 25 ක් අද දිනයේදී විවාදයට ගැනීමට නියමිතය.

ඉන් අනතුරුව ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇත.

Read more

Local News