අතුරු කමිටු වාර්තාව පිළිබඳ අදහස් දැක්වීමට අය වැයෙන් පසුවත් – කතානායකවරයා

Share

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත ඉදිරිපත් ව ඇති මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ මැති ඇමතිවරුන්ට අදහස් දැක්වීම සඳහා මුලින් වෙන්කර තිබූ දින තුනට අමතරව පසුගියදා තවත් දින දෙකක් වෙන්කිරීමට කතානායකවරයා තීරණය කළේ ඒ පිළිබඳව මන්ත්‍රීවරුන් තුළ තිබූ විශාල උනන්දුව හේතුවෙනි. ඊයේ වන විට වනවිට පස්වන දිනටත් ඒ පිළිබඳව සාකච්ඡාවට ගැනුණු අතර පස්වරු 6.30 ට පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ තවදුරටත් අදහස් දැක්වීමට මන්ත්‍රීවරු ඉදිරිපත්ව සිටියහ.

මේ පිළිබඳ ව අවධානය යොමු කළ කතානායක කරු ජයසූරිය මහතා අග්‍රාමාත්‍යවරයා සහ සභානායකවරයා සමඟ ද සාකච්ඡා කර සභාවේ අදහස් විමසීමෙන් පසුව තීරණය කළේ අයවැය විවාදයෙන් පසුව සෙසු මන්ත්‍රීවරුන්ටද ව්‍යවස්ථා මෙහෙයුම් අතුරු කමිටු වාර්තාව පිලිබඳ අදහස් පළ කිරීමට තවත් දිනයක් වෙන් කිරීමටයි.

Read more

Local News