Home දේශීය පුවත් O/L – A/L විභාගයට අදාල ජාතික හැඳුනුම්පත් අයදුම්පත්‍ර 31ට පෙර යොමු කරන්න

O/L – A/L විභාගයට අදාල ජාතික හැඳුනුම්පත් අයදුම්පත්‍ර 31ට පෙර යොමු කරන්න

0
O/L – A/L විභාගයට අදාල ජාතික හැඳුනුම්පත් අයදුම්පත්‍ර 31ට පෙර යොමු කරන්න

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයට අදාල ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා වන අයදුම්පත්‍ර මෙම මස 31 වන දිනට පෙර යොමු කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

කඩිනමින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බව පවසන එම දෙපාර්තමේන්තුව සියළු පරිවේණාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දැනුම් දෙන්නේ.

නියමිත කාලය තුළ ඉල්ලුම් පත් යොමු නොකිරීම හේතුවෙන් විභාගයට පෙර පාසල් සිසුන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම විශාල අභියෝගයක් වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේය.

එමෙන්ම ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා යොමු කර ඇති පාසල් අයදුම්පත් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් ලබාදී ඇති උපදෙස් අවබෝධ කර නොගෙන අඩුපාඩු සහිතව ඉදිරිපත් කර ඇති බව ද සඳහන්.

මෙම තත්ත්වය තුළ හැදුනුම්පත් සඳහා ඉල්ලුම් පත්‍ර යොමු නොකළ සියළු විභාග අපේක්ෂකයින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කඩිනමින් තම ඉල්ලුම් පත්‍ර යොමු කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here