දේශීය ව්‍යාපාරිකයන්ට අප විසින් විශාල වශයෙන් බදු සහන ලබාදී තිබෙනවා

Share

දේශීය ව්‍යාපාරිකයන්ට අප විසින් විශාල වශයෙන් බදු සහන ලබාදී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසි ය.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කරමින් පාර්ලිමේන්තුවේ දී අඳහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ආයෝජනය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

එහිදී අඳහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ බංගලාදේශය, ඉන්දියාව වෘත ආර්ථිකය නිවැරැදිව භාවිත කරන නිසා ආයෝජකයන්ට බදු ප්‍රතිපත්ති ලිහිල් කළ යුතුයි. මේ සඳහා විසඳුම් ලබාදිය යුතුයි.

මෙහිදී මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මධ්‍යසාර සඳහා බදු සූත්‍රයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා සඳහන් කළේ, ”කොළඹ විශ්වවිද්‍යාලය කළ සමීක්ෂනයකින් කියා තිබෙනවා, කසිප්පු සියයට 49%ක් බොනවා කියලා. ඇල්කොහොල් වැඩි අරක්කු බොනවා සියයට 89%ක්. දියුණු රටවල සියයට 84%ක් බියර් බොන්නේ. එහි ඇල්කොහොල් ප්‍රමාණය අඩුයි. අද කුඩා දරුවන් සීනි සහිත පැනි බීම බොනවා.”

Read more

Local News