සිවිල් ආරක්ෂක භටයින් 5000ක් පොලිස් සේවයට

Share

සිවිල් ආරක්ෂක භටයින් 5000ක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට ඉන් 2900කට ආසන්න පිරිසක් පොලිස් සේවයේ අනුයුක්ත කර ඇති බවත්, එලෙස යොදවන සිවිල් ආරක්ෂක භටයින් ජංගම මුර සංචාර, ප්‍රජා පොලිස් සේවා සඳහා එක් කරන බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසී ය.

අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, පුත්තලම ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ වෙත එම නිලධාරීන් අනුයුක්ත කෙරේ. මේ අතර පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක භටයින් 480ක් ලබා දීමට පියවර ගෙන ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

Read more

Local News