පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසින් පසුගිය (1) දා අත්සන් තබනු ලැබු අති විශේෂ ගැසට් නිවේදනය අද (11) නිකුත් කරනු ලබයි.
මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට පත් කෙරෙන මහජන නියෝජිතයන් සංඛ්‍යාව මෙම ගැසට් නිවේදනයට ඇතුළත් වේ. ඊට අමතරව නුවරඑළිය, අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල අලුතින් පිහිටුවන ලද ප්‍රාදේශීය සභා 4ක් ඇතුළත් ගැසට් නිවේදනය ද නිකුත් කෙරෙනු ඇත.