අක්කර භාගයක ගංජා හේනක් වටලයි

කොස්ලන්ද පොලිස් වසමේ මහලන්ද, උස්සැල්ල ප්‍රදේශයේදී අක්කර 1/2ක පමණ භූමි ප්‍රමාණයක වගා කරන ලද ගංජා හේනක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කොස්ලන්ද පොලිස් සථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් 41 හා 71 යන වයස් වල පසුවන බලහරුව, ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද(05) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොස්ලන්ද පොලීසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version