තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය දෙස අලුතින් සිතිය යුතුයි – අමාත්‍ය පී.හැරිසන්

Share

විසර්ජන පනත් කෙටුම්පත 2018 (සිව්වැනි වෙන් කළ දිනය) අද (14) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතා ප්‍රකාශ කර සිටියේ අධ්‍යාපන ප්‍රතිපත්තිවල වෙනසක් සිදු විය යුතු බවත් පෞද්ගලික අංශයේ රැකියා උත්පාදනය දිරිමත් කිරීමේ අවශ්‍යතාවය මතුවී තිබෙන බවත් තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය දෙස අලුතින් සිතිය යුතු බවත් ය.

වසර ගණනාවක ණය කන්ද, ජාත්‍යනතර අපකීර්තිය, ප්‍රශ්න ගණනාවක් හමුවේ අයවැය මේ ආකාරයෙන් හෝ ජනතාව ගැන සිතා අයවැය ඉදිරිපත් කර තිබෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිපත්තිවල වෙනසක් සිදු විය යුතුයි. දරුවන් විභාගයට සූදානම් කරනවා හැර වෙන ක්‍රමයක් නෑ. දරුවන්ගේ ළමා ලෝකය නැතිවෙලා.

නවීන ලෝකයේ රැකී රක්ෂවලට ගැළපෙන ආකාරයට අධ්‍යාපනය වෙනස් වෙලා නෑ. මේ තත්ත්වය වෙනස් කරමින් යනවා. රටේ තරුණ තරුණියන්ගේ රැකී රක්ෂා ප්‍රශ්නය ගැන අලුතින් සිතන්න වෙලා තිබෙනවා. අද පෞද්ගලික  අංශයේ රැකියා උත්පාදනය දිරිමත් කිරීමේ අවශ්‍යතාවය මතුවී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News