වව්නියාවේ කාන්තාවන්ට මැහුම් පුහුණු මධ්‍යස්ථාන 14 ක්

Share

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මඟපෙන්වීම යටතේ වව්නියාව ප්‍රදේශයේ ජීවත්වන කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණින් ඔවුන් ස්වයං රැකියා සඳහා යොමුකිරීමට මැහුම් පුහුණු මධ්‍යස්ථාන 14 ක් පසුගියදා වව්නියාව ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.

මෙම එක් මධ්‍යස්ථානයක් සඳහා රුපියල් මිලියන දෙකක මුදලක් වැයවී ඇති අතර මෙම පුහුණු මධ්‍යස්ථාන 14 මඟින් ප්‍රදේශයේ තරුණියන් තුන්සීයකට ආසන්න පිරිසකට සාර්ථක මැහුම් පුහුණුවක් ලබා දීමට කටයුතු කර ඇත.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇගලුම් ආයතනය මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබා දී ඇත.

 

Read more

Local News