අයවැය දෙවැනිවර කියවීම ඡන්ද විමසීම අද

Share

2018 වසර සඳහා වන අයවැය පිළිබඳ, දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට සිදුකෙරේ.

වත්මන් යහපාලන ආණ්ඩු‍වේ තෙවන අයවැය මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගිය (09) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කළේය.

2018 වසර සඳහා වන අයවැය 09 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පසු දින සිට එනම් 10 -16 දක්වා අයවැය ‍පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය පැවැත්විණ. අයවැය දෙවනවර කියවීමෙන් පසුව අද (16) පස්වරු 5.00 ට ඡන්ද විමසිම සිදුකිරීමට නියමිතය.

2018 වසර සඳහා වන අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තෙවන වර කියවිම හෙට (17) සිට ආරම්භ වේ.

අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය 17 වැනිදා සිට දෙසැම්බර් 09 වැනිදා දක්වා පෙරවරු 09.30 සිට රාත්‍රී 07.30 දක්වා පැවැත්වේ. මෙහිදි ඒ ඒ අමාත්‍යාංශ වල වැය ශීර්ෂ පිළිබදව විවාද කෙරෙන අතර කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම දෙසැම්බර් 09 වැනිදා පස්වරුවේ සිදුකිරිමට නියමිය.

2018 වසර සඳහා වන සමස්ත වියදම ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තොම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන හෙට (17)  දිනයේදී ජනාධිපති, අගමැති, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු,අමාත්‍ය මණ්ඩල කාර්යාල,රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායක කා‍ර්යාලය,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය, විපක්ෂනායක කා‍ර්යාලය ඇතුළු වැය ශීර්ෂ 27ක් පිළිබඳ විවාදය පැවැත්වෙයි.

Read more

Local News