නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව,අද (16) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ,
විදේශ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් යෙදවීමේ අවශ්‍යතාවය තිබෙනවා. ක්ෂේත්‍ර නගා වෘත්තීමය ක්ෂේත්‍ර නගා සිටුවීමට අයවැයෙන් අවධානාය යොමු වී තිබෙනවා. ආහාර අපනයනයට බිලියන 2000ක් අපේ රටෙන් යනවා. අපේ කෘෂිකර්ම ආර්ථිකය කෝ? වර්තමාන අයවැයෙන් මේ සඳහා අවධානය යොමු කර තිබෙනවා. අයවැයෙන් කෘෂිකර්මාන්තයට වැඩි දායකත්වය ලබාදෙන්න අවධානය සහ මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේනවා.
පසු අස්වැන්න ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් අවශ්‍යයි. ගොවිතැනට අලුත් පරම්පරාව යොමුවීම අඩුයි. මේ ගැන වැඩි අවධානයක් යොමු වනු ඇතයි බලාපොරොත්තු වෙනවා. ධීවර කර්මාන්තය පිළිබඳ සාධණීය වැඩපිළිවෙලක් අයවැයෙන් යෝජන කර තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.