සුළඟේ වේගයේ තරමක වැඩිවීමක්

Share

ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා (විශේෂයෙන්ඌව පළාත සහ යාපනය, මන්නාරම, කෑගල්ල, අවිස්සාවේල්ල,මාදුරුඔය සහ පොතුවිල් ප්‍රදේශවල) සුළඟේ වේගයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු පළාතේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. යාපනය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල(මි.මි.50ක්පමණ) තරමක තද වැසිද ඇතිවිය හැක.

බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සිහින්වැසි ඇතිවිය හැක. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න්පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Read more

Local News