තව්හිද් ජමාත් සංවිධානයේ සභාපතිවරයෙකු හැටන්හිදි අත්අඩංගුවට

Share

හැටන් පොලීසිය හා යුද හමුදාව එක්ව ඊයේ (08) හැටන් නගරයේ ස්ථාන කිපයක විශේෂ සොදිසි මෙහෙයුමකදී තව්හිද් ජමාත් සංවිධානයේ හැටන් ප්‍රදේශයේ සභාපති බවට සැක කරන පුද්ගලයෙකුගේ නිවසද පරික්ෂාවට ලක්කරන ලදී.

පසුගිය දිනවලදි හැටන් ගාමිණිපුර පිහිටි ඔහුගේ නිවසේ විශේෂ සාකච්ඡා පවත්වා ඇති අතර ඉකුත් අප්‍රේල් (13) දා ද විශේෂ රැස්විමක් පවත්වා ඇති අතර එම අවස්ථාවට ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක මවුලවීවරයෙකුද සහභාගී වු බවට තොරතුරු ලැබී ඇත.

එම සාකච්ඡාවට පෙර දිනයකදී අසල්වාසි නිවසක පුද්ගලයෙකුගෙන් එම නිවසේ මිදුලේ දින දෙකකට යතුරුපැදි දෙකක් නවතා තැබීමටද අවසර ඉල්ලා තිබේ.එම නිවෙස් හිමියා ඊට අවස්ථාව ලබාදි නැති බව පැවසේ.

පාස්කු ඉරිදා සිදුවිම් වන අවස්ථාවේදී තව්හිද් ජමාත් සංවිධානයේ සභාපති යැයි කියන පුද්ගලයා බගවන්තලාව ප්‍රදේශයේ සිටි බවට කරුණු අණාවරණය වී තිබේ.

ඔහුගෙන් බගවන්තලාව පොලීසිය තොරතුරු සටහන් කරගෙන ඇති බවද සඳහන්වේ.

ඔහුගේ ඥාතියෙක් බලංගොඩ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බවත් පවසන අතර සොදිසි කිරිම්වලදී මෙම පුද්ගලයාගේ නිවසෙන් සැකකටයුතු කිසිවක් හමුවී නැත.

එම නිවසේදී ඔහුගෙන් ප්‍රකාශයක් පොලීසිය සටහන් කරගෙන තිබෙන අතර එම අවස්ථාවේ දී ඉහත සඳහන් පරිදි නිවසේ රැස්වීමක් පැවැත් වු බවද පිළිගෙන ඇත. ඔහු වසර ගණනාවක් විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මූලස්ථාන පොලීසිය පරීක්ෂණයක් පවත්වනු ලබයි.

Read more

Local News