කටුනායක ගුවන්තොටුපළේ ගුවන් ගමන් පහසුවට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්

Share

බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන මගීන්ගේ ගුවන් ගමන් පහසුව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

අප්‍රේල් මස 21 වන දින සිදුවු ඛේදවාචකය හේතුවෙන් ගුවන් හමුදාව විසින් ගුවන්තොටුපළේ ආරක්ෂක පරික්ෂාවන් වැඩිකරනු ලැබීය.

මේ හේතුවෙන් රථවාහන ගුවන්තොටුපළ වෙත ඇතුල්විම තහනම් කිරිම නිසා ගුවන් ගමන් ගමන් යාමට සහ දිවයිනට පැමිණෙන ගුවන් මගින්ට හට සැලකිය යුතු තරමේ අපහසුතාවයන්ට පත්වන්නට සිදු විය.

මේ හේතුවෙන් ගුවන් ගමන් යාමට පැමිණෙන මගීන් හට ඔවුන්ගේ වාහන වල සිට සහ දිවයිනට පැමිණෙන ගුවන් මගීන්ට හට ඔවුන්ගේ වාහන වෙත යාමට සැලකිය යුතු දුරක්පයින් ගමන් කිරිමට සිදු විය.

එහෙත් මේ වනවිට ගුවන් තොටුපළ වෙත පැමිණෙන හා පිටත්වන මගීන්ට හට තම ගමන් මලු රැගෙන පයින් ගමන් කිරිමට තිබෙන දුර අවම කිරිමට පිවිසීමේ සහ පිටත්ව යාමේ දොරටු වෙත වාහන ගමන් කිරිමට අවසර ලබා දිමට ගුවන් හමුදාව විසින් කටයුත යොදා ඇති බව ඔහුහු සඳහන් කරති.

ඒසේම කුලි රථ ප්‍රවාහන සේවයේ නියුතු වන්නන්ටද පැමිණිමේ පර්යන්තය ආසන්නයටම පැමිණිමේ පහසුකම් සලසා දි ඇති බවද සඳහන් වේ.

ගුවන් තොටුපළ වෙත පැමිණෙන ඕනැම මගියෙකුට මෙම නව වැඩ පිළිවෙල පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් ගුවන් තොටුපළේ සිටින ගුවන් හමුදා සහ ගුවන් තොටුපළ නිලධාරීන් ගෙන් විමසිය හැකි බව ඔවහු  වැඩිදුරටත් ප්‍රකාශ කරති.

Read more

Local News