වික්ටෝරියා සහ කොත්මලේ මහවැලි ගොවීන්ට ඉඩම් ඔප්පු ප‍්‍රදානය හෙට ජනපති ප‍්‍රධානත්වයෙන්

Share

මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ වික්ටෝරියා සහ කොත්මලේ කලාපවල ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවය හෙට (18) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිගන මධ්‍යම පළාත් කී‍්‍රඩා සංකීර්ණ පරිශ‍්‍රයේදී පැවැත්වේ.

මහවැලි ජනපදිකයින් දිගුකලක් තිස්සේ මුහුණ පා සිටින ගැටලූවකට විසඳුම් ලබාදෙමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම ඉඩම් ඔප්පු ප‍්‍රදානය සිදු කෙරේ.

2016 වසරේ ඇරඹී වැඩසටහන මේ වන විට සියයට 85 ක ඉලක්කයක් සපුරා තිබෙන අතර ඉතිරි කටයුතු ද මේ වසරේ අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි.

මෙම ඉඩම් හිමිකම මගින් තහවුරු වනු ඇත්තේ ශී‍්‍ර ලංකාවේ තවත් එක් පරපුරකට භූමියට ඇති අයිතිය අත්පත්වීම පමණක්ම නොව රටේ අනාගත සංවර්ධනයට ඉවහල්වන කෘෂිකර්මාන්තයේ පුනරුදයයි.

Read more

Local News