ආනයනික ලොකු ලූණු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද(21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
ඒ දේශීය ලොකු ලූණු අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙන බැවින් දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙසයි.
ඒ අනුව ආනයනික ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 20/=කින් ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.
ඊට අදාළ ගැසට් නිවේදනයට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද අත්සන් තබා තිබේ.