Home දේශීය පුවත් විරුසර දෙවැනි අදියරට කැබිනට් අනුමැතිය

විරුසර දෙවැනි අදියරට කැබිනට් අනුමැතිය

0
විරුසර දෙවැනි අදියරට කැබිනට් අනුමැතිය

විරුසර වරප්‍රසාද කාඩ්පතේ දෙවැනි අදියරක් ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දෙවැනි අදියර යටතේ වර්තමානයේදී එම කාඩ්පත හරහා ප්‍රතිලාභ භුක්ති විඳින හිමිකම්ලාභීන්ට අමතරව, ගැටම් පැවැති 1983 – 2009 කාල වකවානුව තුළ ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා සිවිල් අරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ගිය හා වර්තමානයේ සේවයේ නියුත් රණවිරුවන්ට හා එම කාලසීමාව තුළ ඉහත ආයතනවලට අනියුක්තව රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදූ හා අතුරුදන් වූ සිවිල් නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ටත්, ආබාධිත වූ සිවිල් නිලධාරීන්ටත් විරුසර වරප්‍රසාද කාඩ් පතක් නිකුත් කිරීමට නියමිතය.

මෙහි පළමු අදියර යටතේ ක්‍රියාන්විත සේවයේ යෙදී සිට ශ්‍රී ලංකාවේ සෛවරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් හා සාමය ගොඩනැගීම වෙනුවෙන් දිවි පිදූ හා අතුරුදහන්වූවන් වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ටත්, ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ටත් ප්‍රතිලාභ ලබාගත හැකි වන පරිදි විරුසර කාඩ්පත නිකුත් කරනු ලැබීය.

මෙම කාඩ්පත මගින් පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේදී හා සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු , රක්ෂණ හා කල්බදු ආදි ක්ෂේත්‍ර ගණනාවක සේවා සපයනු ලබන රාජ්‍ය හා පෞද්ගලික ආයතන 70කින් පමණ සේවා ලබාගැනීමේදී විශේෂ වරප්‍රසාද ලබාගැනිමට හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here