ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරිම පිළිබඳ සිවිල් සංවිධාන දැනුවත් කෙරේ

Share

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරිමේ කාර්යයේදි රජය විසින් පළමුවෙන්ම ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරිම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් ඒ සඳහා ජාතික කමිටුවක් පත් කර ජනතාව දැනුවත් කිරිමේ සම්බන්ධීකරණ කාර්යාලයක් ස්ථාපිත කර තිබේ.

මෙබඳු අතිශය වැදගත් කාර්යයකදි මේ සම්බන්ධව මහජනතාවගේ අදහස් සෘජුවම ලබා ගැනිම ඉතා වැදගත් බැවින් දිස්ත්‍රික් මට්ටමින් අදහස් යෝජනා,විවේචන, මත ලබා ගැනිමේ කාර්යභාරය සිදු කෙරෙනුයේද එම කමිටු කාර්යාලය මගින් යැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ප්‍රකාශ කළාය.

දිසා ලේකම්වරියගේ එසේ ප්‍රකාශ කළේ ඉකුත් (15) දා පෙරවරුවේ සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදි යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරිම පිළිබඳ සිවිල් සංවිධාන දැනුවත් කිරිම සඳහා පැවැති සම්මන්ත්‍රණයේදීය.
තව දුරටත් අදහස් දැක්වු දිසා ලේකම් තුමිය මෙසේ පැවසූවාය.
මේ වන විටත් අදහස් යෝජනා,විවේචන මත ලබා ගනිමින් පවති.සිවිල් සමාජය දැනුවත් කිරිමේදි සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් වීම හා ඒවායේ සම්බන්ධීකරණයද ඉතා වැදගත්ය.පුරවැසියෙකුලෙස ඔබටද මේ පිළිබදව වගකීමක් තිබේ.මේ පිළිබඳ සාකච්ඡාවලදීත් දැනුවත් හා අවබෝධවත්භාවය ලබා ගනිමින් නව අදහස් ඉදිරිපත් කිරිමට මෙයින් අවස්ථාව සලසා තිබේ.

මේ සියලු අදහස් ,මත,යෝජනා, විවේචනද යෝජිත සම්පාදනයේදි පාදක කොට ගැනෙන බවද ඒ පිළිබඳ පුරවැසියෙකු ලෙස ඔබගේ දායකත්වය ඒ සඳහා ලැබුණායැයි ඔබට සතුටට පත්විය හැකියැයිද දිසා ලේකම් තුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මෙහිදි එම කමිටුවේ සභාපති අධිනීතිඥ ලාල් විජේනායක මහතා මෙසේ පැවසීය,

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද ? අවශ්‍ය නම් ඒ ඇයි? එය කුමනාකාරයේ එකක් විය යුතුද? යන්න පිළිබඳව පළමුව තීරණය කළ යුත්තේ ජනතාවය.එබැවින් මේ පිළිබඳ කමිටු කාර්යාලය ඒ සඳහා ජනතාවට ස්වකීය මත හා අදහස් ඉදිරිපත් කිරිමට වේදිකාවක් තනා තිබේ.
රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට නීති පැනවිය නොහැකියි.එය ඉතා වැදගත් වන්නේ ඒ නිසයි.මෙරටෙහි කීප වරක් එය සංශෝධනය කර තිබේ.ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් පසු 20 දෙනෙකුගෙන් යුතු මහජන අදහස් විමසීමේ කමිටුවක් පත් කෙරිනි.සෑම දිසාවකම ජනතාවගේ අදහස් ලිඛිතව හා වාචිකව ලබා ගැනිම කෙරේ.මෙහිදි අදහස් දැක්විම සඳහා ශීර්ෂ පාඨ 20 ක් ජනතාවට ඉදිරිපත් කරන ලදි.වෘත්තීය,ගොවි,ධීවර,විනිසුරු,වෛද්‍ය සමීති ඇතුලු විවිධ ක්ෂේත්‍රයන්ද ස්වාධීන කොමිෂන් සභාද අදහස් දක්වන ලදි.

මේ අදහස් ලේඛන ගත කෙරේ.මේ සියල්ල ඉතා විනිවිදභාවයකින් සිදු කෙරේ.මේ ඔස්සේ ජනතාව සමග සාකච්ඡා කරමින් වඩාත් හොද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනිම ඉතා වැදගත් වේ.
ජනතා අදහස්, විවේචන ලබා ගැනීමත් එම අදහස් වාර්තාවක් ලෙස සකසා ඉදිරිපත් කිරිමත් ඉක්මණින්ම සිදු කෙරේ.දකුණු අප්‍රිකාව,නේපාලය ආදී රටවල් වසර 2-3 ක් මෙසේ ඔවුනගේ ව්‍යවස්ථාවක් සකසා ගැනිම සඳහා සාකච්ඡා කළහ.මේ කාර්යයේදි එක් එක් පුද්ගලයින්ට වැරදි පැටවීම නොව කළ යුත්තේ හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්පාදනය කර ගැනිමට කටයුතු කිරිම යැයිද කමිටුවේ සභාපති අධිනීතිඥ ලාල් විජේනායක මහතා පැවසීය.
මේ අවස්ථාවට රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම මහතාද සහභාගී වු අතර යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරිම පිළිබඳ සිවිල් සංවිධාන දැනුවත් කිරිමේ කම්ටුවේ සභාපති අධිනීතිඥ ලාල් වි‍ජේනායක,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සායිෆ් ඩීන් ද හිටපු මහාචාර්ය එම්.ඕ.ඒ.ඩි.සොයිසා යන මහත්වරුන් සම්පත් දායකයින් ලෙස එක් වූහ.

Read more

Local News