ශ්‍රී ලංකාව සහ ජැමෙයිකාව අතරත්, ශ්‍රී ලංකාව සහ ග්‍රීසිය අතරත් ගුවන් සේවා පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීමට රජයේ අවධානය යොමුව අැත.
මෙම රටවල් දෙක හා ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා විධිමත් කිරීමේ අරමුණින් දැනට නිලධාරී මට්ටමින් එකග වී අැති යෝජිත ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීමට හා ඉන් අනතුරුව ගිවිසුමේ විධිවිධාන බලාත්මක කිරීමට ප්‍රවාාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි අැත.