2018 වසරේ ලක්ෂ දෙකක් අයි පෑඩ් පාසල්වලට – අධ්‍යාපන අැමති

Share

අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදය අතරතුර පැවසුවේ පාසල් දරුවන්ගේ නිලඇදුම් මිලදී ගැනීමට ලබාදෙන නිල ඇදුම් වවුචර් පත් මෙවර ද නිසි පරිදි බෙදා දෙන බවයි.

කොටසක් නිල ඇදුම් වවුචර් මුද්‍රණය කර අවසන්. අප නිල ඇදුම් වවුචර් නිසි කලට බෙදනවා. වවුචර් බෙදන කටයුතු ආරම්භ කර තිබෙනවා. වවුචර් ඈත ප්‍රදේශවලට පිටත් කර අවසන් බවද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.

එමෙන් ම 2018 වසරේ ලක්ෂ දෙකක් අයි පෑඩ් (Tab) පාසල්වලට බෙදා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා  කීය.

Read more

Local News