මහඑලිය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ 3ක් අත්අඩංගුවට

Share

හොර්ටන්තැන්න මහඑලිය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ ජාවාරම්කරුවන් තිදෙනෙක් උපකරණ රැසක් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

හොර්ටන්තැන්න රක්ෂිතයට යාබදව පිහිටි මහඑලිය රක්ෂිතයේ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් තිදෙනෙක් ඊයේ(29) පස්වරුවේ බගවන්තලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම රක්ෂිතය තුල අනවසර මැණික් ගැරීමේ ජාවාරම්වල නිරතව සිටින ජාවාරම්කරුවන්, ජල මුලාශ්‍ර විනාශ කරමින් විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරන බවට ලද තොරතුරක් මත බගවන්තලා පොලීසිය විසින් මෙම වැටලීම සිදු කර ඇත.

වැටලීම සිදු කරන අවස්ථාවේ සැකපිට අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් තිදෙනාට අමතරව තවත් ජාවාරම්කරුවන් විශාල පිරිසක් රක්ෂිතය තුළ අනවසරෙන් මැණික් ගරමින් සිටි බවත්, එම සැකකරුවන් රක්ෂිය තුලට පලා ගිය බවත්, වැටලීම සිදු කළ බගවන්තලාව පොලීසියේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ලොයිනොන් වතුයායේ පදිංචිකරුවන් වන අතර බගවන්තලාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

Read more

Local News