අපේ පළවෙනි අරමුණ වරප‍්‍රසාද අඩු අපේ ජනතාවගේ ජීවන තත්වය ඉහල දැමීමයි – අැමති පාඨලී චම්පික

Share

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (23) දින කොළඹ 07, ටොරින්ටන් මාවතේ නිවාස 115 කින් සමන්විත නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටුයතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී විය.
කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නාගරික ප‍්‍රදේශ සුහුරු නාගරික ප‍්‍රදේශ බවට පත් කිරීමේ අරමුණ පෙරදැරිව නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා රුපියල් ලක්‍ෂ 3,950ක පිරිවැයක් දැරීමට නියමිතය.
“හුඟාක් දෙනෙක් විශ්වාස කළා නාගරික සංවර්ධන අධිකාරිය කරන්න යන්නේ දුප්පත් මිනිහාගේ ඉඩම් උදුරාගෙන විදේශික ධනපතියන්ට එම ඉඩම් ලබාදෙන්න යනවා කියලා. අපේ අරමුණ එය නෙමෙයි. අපේ පළවෙනි අරමුණ වරප‍්‍රසාද අඩු අපේ ජනතාවගේ ජීවන තත්වය ඉහල දැමීමයි. ඒ නිසා තමයි අපි මේ ව්‍යාපෘතිය දැන් හඳුන්වා දී තිබෙන්නේ නිවසක් සමගම ජීවිතයක් කියලා. ඒ මොකද අපට වහලක් තිබුණු පමණින් අපේ ජීවිත සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වගේම අද මේ රට, සමාජය සීඝ‍්‍රයෙන් වෙනස්වීගෙන යනවා. ඒ වෙනස්වන සමාජයට උචිත විදිහට අපිත් වෙනස් විය යුතුයි. ඉස්සර අපේ සමාජ වෙනස් උනේ පරම්පරාවෙන් පරම්පරාවට, ඒ කියන්නේ තාත්තලාගේ ලෝකය නෙමෙයි පුත්තුන්ගේ ලෝකය. පරම්පරාවක් වෙනස් වෙන්න අවුරුදු 20 ක් 30 ක් යනවා. අද අපේ ලෝකය පරම්පරා වෙනසට වඩා සීඝ‍්‍රයෙන් වෙනස් වෙනවා. අපේ ජීවිත කාලය තුළම වෙනස් වෙනවා. තාක්ෂණයෙන්, සමාජයෙන්, දැන උගත් කමින් වෙනස් වෙනවා” යැයි ද අමාත්‍යවරයා පැවසීය.
අපට අතපසු වූ, අපට වැරදුණු තැන් අපේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට එම අතපසුවීම්, වැරදි සිදුනොවන තැනට අපි මේ සමාජය ඔසවා තැබිය යුතු බවට සෑම දෙමාපියෙක්ම අධිෂ්ඨාන කර ගත යුතු යැයි ද ඒ සඳහා වත්මන් රජය දායක වී කටයුතු කරමින් පවතින බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Read more

Local News