කමාන්ඩෝ පුහුණු පාඨමාලා අංක 46 සාර්ථකව හදාරා නිමකළ කමාන්ඩෝ නිළධාරින් 13 ක් සහ කමාන්ඩෝ සෙබළුන් 337 ක් විසිරයාමේ පෙළපාලිය ඊයේ (25) දින ඌව කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ප් නුගේරා ගේ ආරාධනයෙන් ප්‍රධාන අමුත්තා ලෙස ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූහ.
කමාන්ඩෝ පුහුණු පාඨමාලාවේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ සිසුන් වෙනුවෙන් විශේෂ ත්‍යාග පිරිනැමීමද යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අතින් සිදුවිය. මෙහිදී දක්ෂතම කමාන්ඩෝ සාමාජිකයා ලෙස ලුතිතන් එල්එස් අබේරත්නද, හොඳම වෙඩික්කරු ලෙස සාමාන්‍ය සෙබළ එල්එස් ලක්මාල්ද, හොඳම ජවසම්පන්න කමාන්ඩෝ සාමාජිකයා ලෙස ලුතිතන් එල්එස් අබේරත්නද ඔවුන්ට හිමි සම්මාන ලබාගන්නා ලදි.
විසිර යාමේ උත්සවය අවසානයේදි මෙම නව කමාන්ඩෝ සාමාජිකයින් ඔවුන්ගේ කමාන්ඩෝ යුධ පුහුණු හැකියාවන් ප්‍රදර්ශණය කරමින් විශේෂ සජිවි සංදර්ශණයක්ද පැවැත්වූ අතර, ඔවුන් සතු අසීමිත ශක්තිමත්භාවය, හමුදා කුසලතාවයන් හා ප්‍රහාරක හැකියාවන් මෙහිදී මනාව පිළිඹිබු විය.
ඊට අමතරව පැරෂුට් පතිතවීම්, ටයිකොන්ඩෝ සටන්, යුද සුනඛ සංදර්ශණ සහ දුර සිට ඉලක්කයට වෙඩිතබන ස්නයිපර් වෙඩික්කරුවන් ඇතුළු සංදර්ශණ අංග කිහිපයක්ද ඇතුලත් වූහ.
කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් උපාලි රාජපක්ෂ, ප්‍රධාන උපදේශක මේජර් ආර්එම්ආර්එච් රත්නායක ඇතුළු නිලධාරින් හා සෙසුනිළයින් රැසක්ද 4000 කට ආසන්න අභිනවයෙන් විසිර යන කමාන්ඩෝ නිලධාරින් සහ සෙබළුන්ගේ ඥාතින් සහ හිත මිතුරන්ද මෙම සුවිශේෂි අවස්ථාවට සහභාගි වූහ.
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.