Home දේශීය පුවත් ජනාධිපතිතුමාගේ අවසරය ඇතිවයි මෝල්ටාවට ගියේ – වංචනිකව ගැසට් පත්‍රය හදලා නෑ

ජනාධිපතිතුමාගේ අවසරය ඇතිවයි මෝල්ටාවට ගියේ – වංචනිකව ගැසට් පත්‍රය හදලා නෑ

0
ජනාධිපතිතුමාගේ අවසරය ඇතිවයි මෝල්ටාවට ගියේ – වංචනිකව ගැසට් පත්‍රය හදලා නෑ

අද (27) පාර්ලිමේන්තුවේ දී වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසාල් මුස්තාපා මහතා පැවසුවේ,

ප්‍රශ්නයක් අහලා තිබුණා, පිටරට ගියේ ඇයි කියලා. මොල්ටාවේ පළාත් පාලන සමුළුව තිබුණා. ශ්‍රී ලංකාවට අයදුම්පත ලබාදෙන්න තිබුණා. ජනාධිපතිතුමාගේ අවසරය ඇතිවයි මෝල්ටාවට ගියේ. රටින් පන්නේ නෑ. රටේ නායකයාගේ අවසරය ලබාගත්තා. මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ද සඳහන් කළා.

මම නීතිඥවරයෙක්. මට විරුධව නඩු පවරා තිබෙනවා. මම මගේ තනතුර හෑල්ලු කරන්නේ නෑ. මගේ ජනාධිපති නීතිඥ කියන තනතුර වටිනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කටයුතු කළා. රටට හා දේශපාලන පක්ෂයට සාධාරණයක් ඉටු කරනවා. ඡන්දය පිළිබඳ ගැසට් පත්‍රය සකස් කිරීමේ දී සියලු පක්ෂ දැනුවත් කළා. ගැසට් පත්‍රයේ අඩුපාඩුවක් නෑ. වගකීමකින් කියනවා, දැනට නිකුත් වෙලා තියෙන්නේ අතුරු නියෝගයක් පමණයි. සත්භාවයෙන් ක්‍රියා කළේ. ජනතා අධිකරණයට යන්න ලැස්තියි. වංචනිකව ගැසට් පත්‍රයක් හදලා නෑ . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නඩුවට කිසිදු සම්බන්ධයක් නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here