ගෝලීය වශයෙන් හා ශ්‍රී ලංකාව වශයෙන් කාන්තා ශ්‍රම බලකාය වැදගත් – ශ්‍රම බලාකය ඉහළ දැමිය යුතුයි

Share

ගෝලීය වශයෙන් හා ශ්‍රී ලංකාව වශයෙන් කාන්තා ශ්‍රම බලකාය ඉතා වැදගත් බවත් මෙම ශ්‍රම බලාකය ඉහළ දැමිය යුතු බවත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

අමාත්‍යවරයා අද (27) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට අඳහස් දක්වමිනි.

තාවකාලිකව මෙය පරණ ක්‍රමයට මැතිවරණයට යන එක හොඳයි. අපි එකඟයි එයට. කාන්තාවන්ට තිබෙන අවස්ථා වැඩි කර තිබෙනවා. දේශපාලනයට අවස්ථාව සළසා තිබෙනවා. ගෝලීය වශයෙන් හා ලංකාව වශයෙන් කාන්තා ශ්‍රමබලකායේ සහයෝගය ඉතා වැදගත්. කාන්තා ශ්‍රම බලකාය වැඩි කළ යුතුයි. කාන්තාවන් සඳහා හොඳ සේවා ස්ථාන වර්ධනය කළ යුතුයි. මේ තත්ත්වයන්ට නීති ප්‍රතිපාදන මඟින් කටයුතු කළ හැකි බවද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News