රිහානා ලොව ධනවත්ම සංගීතවේදිනිය වෙයි

Share

ලෝක ප්‍රකට ගායිකාවක වන රිහානා ෆෝබ්ස් සඟරාව පවසන පරිදි මේ වන විට ලෝකයේ ධනවත් ම සංගීතවේදිනිය බවට පත්ව සිටින්නීය.

පසුගිය වසර තුනකට අධික කාලයක් ඇතුළත කිසිදු ගීත ඇල්බමයක් නිකුත් කර නොමැත.

නමුත් ඇය වෙනත් ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින බැවින් ඇයගේ වත්කම් ඉහළ ගොස් තිබේ.

‘ෆෙන්ටි’ නමින් හැඳින්වෙන රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළෙහි ද හිමිකාරිය වන රිහානා සතු සමස්ත වත්කම ඩොලර් මිලියන 600ක් වන බවට ඇස්තමේන්තු කර තිබේ.

තිස් එක් හැවිරිදි රිහානා අවසන් වරට ගීත ඇල්බමයක් (Anti) එළි දැක්වූයේ 2016 වසරේදී ය.

කෙසේ නමුත් තමන්ගේ රූපලාවන්‍ය, කාන්තා ඇඳුම් සහ යට ඇඳුම් ව්‍යාපාර පෙළ වෙනුවෙන් ඇය වෙහෙසී කටයුතු කරන්නීය.

වසර 2017 දී ‘ෆෙන්ටි’ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළ වෙළඳ පොළට නිකුත් කළ අතර පළමු සති කිහිපය ඇතුළත ඩොලර් මිලියන 100ක ආදායමක් ලබා තිබේ.

රිහානා තමන් සතු ධනය බුද්ධිමත් ලෙස ආයෝජනය කර ඇති බව විශේෂඥයෝ පවසති. ඇය ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත් වී සිටින නමුත් ඇයගේ ධන සම්භාරය සරි කර ගෙන ඇත්තේ සංගීතයෙන් පමණක් නොවන බව ඔවුහු ප්‍රකාශ කරති.

Read more

Local News