මොණරාගල පොලිස් වසමේ මොණරාගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ශෂීගම හංදිය අසලදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.
මොණරාගල සිට වැල්ලවාය දෙසට ධාවනය වු යතුරුපැදියක් නවතා තිබු ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුවී තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු මොණරාගල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇත.
මියගොස් ඇත්තේ මොණරාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි අයෙක්.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොණරාගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.