වැල්ලම්පිටිය සහ ගල්කිස්ස ප්‍රදේශවලදී හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 25 හැවිරිදි කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද(12) අලුත්කඩේ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර රත්මාලන දුම්රියපොළ අසලදී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 400ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 22 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.
ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.