පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟ, ගිංගඟ, කළුගඟ යන ගංගාවල පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති වී තිබෙන බවත් නිල්වලා ගඟේ පිටබැද්දර, පානදුගම හා හපුගොඩ ස්ථානවලත්, ගිංගඟේ ‘තවලම’ ජල මිනුම් ස්ථානයේත් ජලය පිටාර මට්ටමට පැමිණ තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ නිසා ගංගා අවට පහත් බිම්වල සිටින ජනතාව ගංවතුර තත්වයන් පිළිබඳව අවදානයෙන් සිටින ලෙසද ඉල්ලා සිටී.
කුකුළේ ගඟේ වාන් දොරටු දෙකක් විවෘත කර අැති බැවින් අඟලවත්ත, බඳුරලිය, මිල්ලනිය අැතුළු පහත් බිම් ප්‍රදේශවල ජනතාව ජලය ඉහළ යාම පිළිබඳව අවදානයෙන් සිටින ලෙසත් අවශ්‍ය වුවහොත් ඉවත්වීමට සුදානම්ව සිටින ලෙසත් අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටීයි.