බීඩි කොළ, දුම්කොළ ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

Share

නීති විරෝධි ලෙස බීඩි කොළ සහ දුම්කොළ ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මණ්ඩතිව් ප්‍රදේශයේ යොදා ඇති මාර්ග බාධකය අසලදී සැක කටයුතු ලොරි රථයක් පරික්ෂා කිරිමේදී මෙම බීඩි කොළ සහ දුම්කොළ සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එහිදී පාර්සල් 44ක අසුරා තිබූ බිඩි කොළ කිලෝග්‍රෑම් 1359ක් සහ පාර්සල් 31ක අසුරා තිබූ දුම්කොළ කිලෝග්‍රෑම් 1034ක් සොයාගෙන ඇත.

මෙම බීඩි කොළ සහ දුම්කොළ තොඟය කයිට්ස් සිට යාපනය දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බව නාවික හමුදාව සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ බීඩි කොළ සහ දුම්කොළ තොඟය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී ඇත.

Read more

Local News