විද්‍යා හා තාක්ෂණය ඔස්සේ රට ඉදිරියට මෙහෙයවන බව අගමැති කියයි

Share

විද්‍යා හා තාක්ෂණය ඔස්සේ රට ඉදිරියට මෙහෙයවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය මඟින් සංවිධාන කරන ශිල්ප සේනා ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉතිහාසයේ සිට ඉංජිනේරු අංශයේ දීප්තිමත් රටක් බවට ලංකාව පත්වු අතර ඉතිහාසයේ රජවරුන් විසින් ඉදිකරන ලද වැව් අමුණු, දාගැබ් එහි ප්‍රතිඵලයක් බව ඒ මහතා පවසයි.

තාක්ෂණයේ දියුණුවක් නොමැතිව රට ඉදිරියට ගෙන යා නොහැකි බවත් ශිල්ප සේනා වැඩසටහන එහි එක් පියවරක් බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Read more

Local News