ගිනි අවි 2ක් අස්ථානගත වීම ගැන විමර්ශන CID ට බාරදෙයි

Share

පානදුර උතුර පොලිස් ස්ථානයේ දී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී තිබේ.

පසුගිය ජූලි මස 6 වන දින පෙරවරුවේ මෙම ගිනි අවි දෙක අතුරුදන්ව තිබුණි බව ද පොලීසිය පවසයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ජූලි මස 15 වන දින පානදුර උතුර ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමකට ද ලක්විය.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ මුලික පරීක්ෂණ සිදුකරනු ලැබීය.

ඒ අනුව මුලිකව අනාවරණය වු කරුණු මත පානදුර උතුර පොලිස් පරීක්ෂණ ප්‍රහාත් පරණවිතාන මහහා මෙලෙස වැඩ තහනමට ලක් විය.

Read more

Local News