බදුල්ලේ වෙළඳසැලක ගින්නක්

Share

බදුල්ල කහටරුප්ප, වැලිබිස්ස ගම්මානයේ වෙළඳසැළක් ඊයේ(24) රාත්‍රීයේ ගිනිගෙන විනාශ වී තිබෙන බවට වාර්තා වෙයි.

පසුව ගින්න පාලනය කිරිමට අපහසුවීම නිසා බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සහාය ලබා දී තිබේ.

දෙමහල් ගොඩනැඟිල්ලේ ඉහල මහලේ වෙළඳසැල පවත්වාගෙන යන අතර පහත මහලේ වෙළඳසැල් හිමියා පදිංචිව සිට ඇති අතර ගින්න හට ගැනීමත් සමඟ පවුලේ අය ගොඩනැඟිල්ලෙන් එලියට පැන තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බදුල්ල පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News