Tuesday, March 19, 2024.

බුත්තල-කතරගම මාර්ගයේ දී රිය අනතුරක් 17කට තුවාල.

Share

 

බුත්තල – කතරගම මාර්ගයේ ගල්ගේ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

කතරගම දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක් එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් පසුකර යාමට උත්සහ කිරිමේදී එම වෑන් රථයේ ගැටී ඇති අතර අනතුරුව වාහන දෙකම මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති බව සඳහන් වෙයි.

අනතුරින් ලොරි රථයේ සහ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූවන් පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

අනතුරට ලක්වුවන් අතරින් පුද්ගලයින් 7 ක් මේ වන විට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read more

Local News