රුහුණු සරසවියේ පීඨ කිහිපයක් 29 දා විවෘත කෙරේ

Share

රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු සඳහා ලබන 29 වනදා යළි විවෘත කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.

එමෙන්ම කලමනාකරණ හා මූල්‍ය පීඨයේ අවසන් වසරේ අධ්‍යන කටයුතු ද එදින ආරම්භ කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේය.

කළමනාකරණ හා මූල්‍ය පීඨයේ දෙවන වසරේ අධ්‍යන කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර එහි පළමු සහ තෙවන වසරවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම්දෙන බවයි වැඩිදුරටත් රුහුණු විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසා සිටියේ.

Read more

Local News