Home දේශීය පුවත් සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට

සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට

0
සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහොමදු අබ්දුල් කාදර් නමැති අදාළ සැකකරු කටුපොත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහරාන් හෂීම් සමඟ නුවරඑළියේ දී අවි පුහුණුව ලබා ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here