වෛද්‍ය ෂාෆිට එරෙහිව කුරුණෑගල විරෝධතා පා ගමනක්

Share

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි සියාබ්දීන්ගේ ක්‍රියා කලාපයට එරෙහිව විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් මේ වන විට කුරුණෑගලදී පැවැත්වෙන බවට වාර්තා වෙයි.

කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටට රැස්වූ භික්ෂුණ් වහන්සේ ඇතුළු විරෝධතාකරුවන් කුරුණෑගල නගරයට පා ගමනින් ගොස් යලිත් රෝහල ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වෙයි.

මෙම විරෝධතා ක්‍රියාමාර්ගය හේතුවෙන් කුරුණෑගල නගරයේ දැඩි රථවහාන තදබදයක් ද හටගෙන ඇති බව වාර්තා වේ.

Read more

Local News