2020 වනවිට තවත් ගම්මාන 2000ක් සමඟ උදා ගම්මාන 2500ක් ජනතාව වෙත – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Share

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ,

මෙතෙක් නිවාස වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ පැහැදිලි ඉලක්කයක් නොමැතිවයි. 2015 හැකි වුණා, පැහැදිළිව සංගණනය ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්න. මෙතෙක් නිවාස වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ පැහැදිලි ඉලක්කයක් නොමැතිවයි. 2015 හැකි වුණා, පැහැදිලිව සංගණනය ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්න. 2,16,000ක් නිවාස හෝ ඉඩමක් නැතිව ඉන්නවා. අපේ රටේ නිවාස ප්‍රශ්නයෙන් පවුල් ලක්ෂ 25ක් නිවසක් නොමැති පීඩනයෙන් ලතවෙනවා.

අපි අලුත් ජාතික නිවාස ප්‍රතිපත්තියක් සකස් කළා. ජනතාවට සෘජු විසඳුම් ලබාදෙන නිවාස ප්‍රතිපත්තියක් එළිදක්වා තිබෙනවා. කැබිනට් අනුමැතිය සමඟ නිවාස වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. රජය නිවාස ප්‍රශ්නය විසඳීමට සුවිශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. මේ වසර තුනක කාලය තුනක කාලය තුළ ලක්ෂ එක්ලක්ෂ හැත්තෑපන්දහස් හතළිස් එකක් වියදම් කර තිබෙනවා. උදා ගම්මාන වැඩසටහන උසස් ඉලක්ක කරා යමින් සිටිනවා. දැවැන්ත උදා ගම්මාන වැඩසටහන ගම්මාන 500ක් හා වසර 2020 වනවිට තවත් ගම්මාන 2000ක් සමඟ උදා ගම්මාන 2500ක් ආදරණීය ජනතාව වෙත පූජා කරන ප්‍රතිඥාව මත මේ මොහොත වන විට ගම්මාන 504ක් ඉදිකරමින් පවතිනවා. නිවාස කපරාරු නොකළ නිවාස ලක්ෂයකට ආධර කර තිබෙනවා. උදා ගම්මානවලට අමතරව, උදා කළ ගම්මාන නිර්මාණය කිරීමේ ලක්ෂ 2600ක මූල්‍ය ආයෝජනයක් සිදු කර තිබෙනවා. විසිරුණු නිවාස ගැටළු විසඳන්න කටයුතු කර තිබෙනවා. විසිරි නිවාස ණය සඳහා ලක්ෂ 92460ක් රජය කැප කර තිබෙනවා.

උතුරේ නිවාස අහිමි වූ ජනයා වෙනුවෙන් 2017 දී උදා ගම්මාන 49ක් නිර්මාණය කරලා, පවුල් 2500කට සෙවණ ලබාදීම ආරම්භ කර තිබෙනවා. 2018 ලක්ෂ 30,000ක් උතුරේ නිවාස වෙනුවෙන් කැප කරනවා. ග්‍රාම ශක්ති ගම්මාන 51ක් උදා ගම්මාන වැඩසටහන එකතු කරගෙන තිබෙනවා. නිවාස වැඩසටහන සම්ප්‍රදායකට කොටුව වැඩසටහනක් නොවේ. විදේශ ආධාර මතත් නිවාස වැඩසටහන ශක්තිමත් කරනවා. ඉන්දීය රජය රුපියල් ලක්ෂ 6000ක් ලබාදීම ගැන ඉන්දීය අගමැතිතුමාට ස්තූතිය පිරිනමනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News