කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනට ගිණිකොන දිගින් කිලෝමීටර් 1300ක් පමණ දුරකින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී අැති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 අැතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ ලකුණු අැති බවයි.
ඒ අනුව ඉදිරි දිනවලදී විශේෂයෙන් හෙට දිනයේ සිට දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, දකුණු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතින බවත් ඔවුන් පෙන්වා දෙයි.