කොලොන්න පොලිස්වසමේ, කෑල්ලේගම මන්සංදියේ ඇති දෙමහල් වෙළඳ සැලක් ගිනි ගෙන විනාශ වි ඇති බව වාර්තා වෙයි.
අද(08) අළුයම් කාලයේදී මෙම ගින්න හට ගෙන ඇති බව වාර්තා වෙයි.
මෙලෙස ගින්නෙන් විනාශවී ඇත්තේ තොග සහ සිල්ලර වෙළඳ සැලක් වන අතර ගින්න හේතුවෙන් වෙළඳ සැල තිබු සියලු භාණ්ඩ විනාශ වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
අදාළ ගින්නෙන් රුපියල් කෝටි දෙකකට ආසන් භාණ්ඩ තොගයක් විනාශ වී ඇති බව වෙළඳ සැල් හිමිකරු පවසයි.
පොලීසිය පැවසූවේ ගින්නෙන් පුද්ගලයින් කිසිවෙකුටත් හානියක් සිදුවි නොමැති අතර, ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා ගින්න නිවා දැමු බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොලොන්න පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.