Home දේශීය පුවත් ගෝඨාභයට නිවැරදි ප්‍රතිපත්තියක් තියෙනවා

ගෝඨාභයට නිවැරදි ප්‍රතිපත්තියක් තියෙනවා

0
ගෝඨාභයට නිවැරදි ප්‍රතිපත්තියක් තියෙනවා

ජාතික සමගිය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට නිවැරදි ප්‍රතිපත්තියක් ඇති බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ කොළඹ ඊයේ(12) පැවති මාධ්‍ය හමුවකදීයි.

රටේ අර්බුදකාරී තත්ත්වයට හේතුවී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලින් රට නිදහස් කර ගෙන සුදුසු නායකත්වයක් හරහා දේශිය ආර්ථික ගොඩනගන ගමනක යළි ගමන් කීරීමට ඇති බවත් එම ගමන යෑම සඳහා හොඳ රුකුලක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු සමුළු මඟන් ලැබූ බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here