සියලු දේ නැකත් වේලාවන් වලට සිදුවෙනවා

Share

මේ මොහොතේ රටේ ජනතාව ඉල්ලන නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂ සභාපති
අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව
සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් අසා සිටියේ සැබවින්ම ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්නයි.

එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, එයට පිළිතුරු දීමට යෑමේ දී නිසැකයෙන්ම විනය පරීක්ෂණයක් ඇති විය හැකි බවයි.

පක්ෂය තවමත් නිල තීරණයක් ගෙන නොමැති බවත් පැවසු අමාත්‍ය කබීර් හෂීම් මහතා, මිනිසුන් ඉල්ලන්නේ කවුරුන්ද යන්න, මාධ්‍යයෙන් අසන බව පැවසීය.

මිනිස්සු වැඩියෙන්ම ඉල්ලන බව පෙනී යන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව පැවසු අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් කණ්ඩායම් රැස්වීමේ දී කථා කර ඇති බවද කියා සිටියේය.

මේ රටේ මිනිස්සු ඉල්ලා සිටින දේ ලබා දිය යුතු බවත් පැවසු ඔහු, පක්ෂ නායකවරයා සියලු දෙනා සමඟ සාකච්ඡා කරලා හොඳ තීරණයක් ගනු ඇතැයි ද සඳහන් කළේය.

සියලු දේ නැකත් වේලාවන් අනුව සිදුවන බවත් පැවසු අමාත්‍යවරයා, හෙට අනිද්දාට ඒ දිනය එනු ඇතැයි  ද පැවසීය.

බදුල්ල හා මාතර සජිත් ප්‍රේමදාස වෙනුවෙන් රැස්වීම් පැවැත් වු බවත් එයට සභාපතිවරයා වශයෙන් තමා මඟ හැර සිටියේ ද යන්න මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තොරන්න කලින් මෙහෙම නම් අපේක්ෂකයා තෝරා ගනු ලැබුවට පසුව රැස්වීම් කොහොම තියේ විද යනුවෙන් පැවසීය.

Read more

Local News