නැවත මහබැංකු අධිපති වෙන්න මගේ බලාපොරොත්තුවක් නෑ

Share

වත්මන් රජය මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත හැකි බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අනුරාධපුර රුවන්වැලි සෑ විහාරාධිපති ස්වාමීන් වහන්සේ බැහැදැකීම සඳහා ඊයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අද සියළුම පැතිවලින් රටේ ආර්ථිකය පිරිහෙමන් ඇති බවත් නමුත් නැවත ආර්ථිකය ගොඩ ගත හැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය.

පසුගිය රජය පැවති කාලයේදීත් අභියෝග පැවති නමුත් කළ යුතුව ඇත්තේ අභියෝග ජයගෙන ඉදිරියට යාම බව ඒ මහතා පවසයි.

කෙසේ නමුත් නැවත මහබැංකු අධිපති වීමට තමාගේ බලාපොරොත්තුවක් නැති නමුත් රටේ පාලනයට පැමිණීමට තමන් කැමැත්තෙන් පසුවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එය දේශපාලන හරහා සිදු වේවිද නැතිනම් නිලධාරියෙක් වශයෙන් සිදු වේවිද යන්න තීරණය වන්නේ පසු කලකදී බවත් අජිත් නිවාඩ් මහතා ප්‍රකාශ කළේය.

රට නැවත ගොඩ ගැනීමේ කර්තව්‍යට තමන් උර දීමට කැමැත්තෙන් පසුවන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Read more

Local News