ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තෙක් වැඩවර්ජනය ක්‍රියාත්මකයි

Share

දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කළේ බඳවා ගැනීම් පටිපාටිය උල්ලංඝනය කරමින් දුම්රිය රියදුරු සහයකයන් බඳවා ගැනීම නවතා දමන ලෙස ඉල්ලා ඊයේ(06) මධ්‍යම රාත්‍රීයේ සිට අාරම්භ කර තිබෙන වැඩවර්ජන ගැටලුව සම්බන්ධයෙන් ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තෙක් ක්‍රියාත්මක කරන බවයි.

සිදුකරන වර්ජනය හේතුවෙන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ධාවනය විමට තිබු දුම්රිය ගමන් වාරවලින් 90%කට අාසන්න ප්‍රමාණයක් අවලංගු කර තිබෙන අතර මේ හේතුවෙන් කාර්යාලවලට පැමිණෙන සේවක සේවිකාවන් අැතුළු මගී ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබේ.

අදාළ ගැටලුව පිළිබඳව අද (07) දහවලි ප්‍රවාහන අමාත්‍යාංශය හා වෘත්තිය සමිති අතර සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වේ.

Read more

Local News