Home දේශීය පුවත් බදියුදීන්ගේ සහය කාටද ?

බදියුදීන්ගේ සහය කාටද ?

0
බදියුදීන්ගේ සහය කාටද ?

ජනාධිපතිවරණ අපේක්ෂකයින් නාමයෝජනා භාරදුන් පසු තම පක්ෂයේ සහය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කරන බව සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති වැඩසටහනකින් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විටත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද පැවසු ඒ මහතා සියලු තීරණයන් ගනු ලබන්නේ පක්ෂය විසින් බවත් කියා සිටියේය.

නාමයෝජනා කැඳවීමක් හෝ ඡන්දය පැවැත් වෙන දිනයක් සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නොමැති අතර, පක්ෂ දෙකක අපේක්ෂකයින් පමණක් නම් කර ඇතැයි ද පැවසු බදියුදීන් මහතා, සියලු දෙනාම අපේක්ෂකයා නම් කිරීමෙන් අනතුරුව රටට, ආර්ථිකයට හොඳ කවුද කියලා බලලා තීරණයක් ගන්නා බවද පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා දෙමළ ජාතික සන්ධානය සමඟ මේ වන විට සාකච්ඡා කර ඇති බවත් බදියුදීන් මහතා සමඟ සාකච්ඡා කරේද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

මේ වන තෙක් එවැනි සාකච්ඡාවක් සිදු නොකල බව පැවසු අමාත්‍යවරයා, සහයෝගය දෙන්නේ කාට ද යන්න පිළිබඳව මේ මොහොතේ පැවසිය නොහැකි බවත්, වේලාව බලලා තීරණයක් ගන්නා බවත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here