Home දේශීය පුවත් මිරිජ්ජවිල සූරියවැව මාර්ගය පුළුල් කිරීම හේතුවෙන් ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම වෙනුවෙන් ඔවුන්ට හිමිවිය යුතු වන්දි මුදල් ගෙවීමට කටයුතු කරනවා

මිරිජ්ජවිල සූරියවැව මාර්ගය පුළුල් කිරීම හේතුවෙන් ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම වෙනුවෙන් ඔවුන්ට හිමිවිය යුතු වන්දි මුදල් ගෙවීමට කටයුතු කරනවා

0
මිරිජ්ජවිල සූරියවැව මාර්ගය පුළුල් කිරීම හේතුවෙන් ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම වෙනුවෙන් ඔවුන්ට හිමිවිය යුතු වන්දි මුදල් ගෙවීමට කටයුතු කරනවා

පසුගිය රජය කිසිදු තක්සේරුවක් නොකර බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඇති බවත් ඒ වෙනුවෙන් සතයක්වත් වන්දි ගේවා නොමැති බවත් මිලියන 1992ක් වන්දි ගෙවීමට තිබෙන බවත් මිරිජ්ජවිල සූරියවැව අඩි සියය මාර්ගය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

මිරිජ්ජවිල සූරියවැව මාර්ගය පුළුල් කිරීම හේතුවෙන් ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම වෙනුවෙන් ඔවුන්ට හිමිවිය යුතු වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බවද අමත්‍යවරයා සඳහන් කළේ ය.

මේ වනවිට ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීම ආරම්භ කර ඇති බව ද කී අමාත්‍යවරයා, ඉඩම් කැබලි 281ක් සඳහා මිලියන 370.2ක වන්දි මුදලක් ගෙවා නිමකර ඇති බවද තවත් ඉඩම් කැබලි 128ක් සඳහා මිලියන 101.1ක වව්චර්පත් ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රතිපාදන මුදල් මේ සඳහා ලැබුණු වහාම වන්දි ගෙවීම් කටයුතු ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම මාර්ගයට මංතීරු 4ක් ප්‍රමාණවත් එහෙත් මංතීරු 06ක් සඳහා ඉඩම් බලහත්කාරයෙන් පවරා ගෙන තිබෙනවා. වන්දි ගෙවා නෑ. ඒ බර උහුලන්න වී තිබෙන්නේ අපටයි.දැනටමත් මිලියන 400ක් වන්දි ගෙවා තිබෙනවා. පසුගිය රජය කාලේ, ඉඩම් පවර ගත් ආකාරය මැනවින් පැහැදිලි වෙනවා යැයි ද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here